02 December 2024


ජපාන තානාපති විපක්ෂනායක හමුවෙයි



ජපාන තානාපති Akio Isomata සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (01) කොළඹදී පවත්වා තිබෙනවා.

එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත් ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස ජපාන තානාපතිවරයාට කියා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙසද එහිදී විපක්ෂ නායකවරයා ඉල්ලා තිබෙනවා.

(colombotimes.lk)