තාවකාලිකව නතර කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක අද (19) නිරත වී තිබෙනවා.
මෙම විරෝධතාවය 06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වූ මව්පියන් පිරිසක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පොළොන්නරුව සහ ගාල්ල යන ප්‍රදේශවලද මේ සඳහා විරෝධතා පවත්වා තිබෙනවා.
(colombotimes.lk)
