නාසා ආයතනය ක්‍රියාත්මක කරන 'අටෙමිස් II ' මෙහෙයුමට සමගාමීව තම නම අභ්‍යවකාශයට යැවීමේ අවස්ථාවක් නාසා ආයතනය විසින් මහජනතාවට ලබාදී තිබෙනවා.
නාසා ආයතනය විසින් ආරම්භ කළ Send Your Name with Artemis II යන වැඩසටහන යටතේ ලොව පුරා සිටින ඕනෑම පුද්ගලයෙක්ට තම නම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
මෙලෙස ඉදිරිපත් කරන නාමයන් ඔරායන් අභ්‍යවකාශ යානය තුළ තැන්පත් කර සඳ වටා ගොස් යළි පෘථිවියට රැගෙන ඒමට නියමිතයි.
පහත Link එක ඔස්සේ ඔබගේ නම ඇතුළත් කිරීමේ හැකියාව පවතිනවා.
https://www3.nasa.gov/send-your-name-with-artemis/?utm_source=TWITTER&utm_medium=NASA_Marshall&utm_campaign=NASASocial&linkId=899744229
මේ සඳහා ලියාපදිංචිවීමේ කාලය ජනවාරි මස 21වනදා අවසන් වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
