දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම හෙට (05) පෙ.ව. 09.00ට විවෘත වන බවයි වාර්තා වන්නේ.
එය පෙබරවාරි මස 19 වන දින ප.ව. 09.00 දක්වා විවෘතව පවතිනවා.
මේ අතර රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයෙන්ම ද අයදුම්පත් කැඳවා තිබෙනවා.
එම අයදුම්පත් ද මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් පෙබරවාරි මස 20වනදා උදෑසන 9.00ට විවෘත වන අතර එය මාර්තු මස 5වනදා උදෑසන 9.00ට අවසන්වීමට නියමිතයි.
අදාළ ගැසට් නිවේදන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ 'Our Services' යටතේ ඇති 'Online Applications – Recruitment Exams/ E.B. Exams' ඔස්සේ පළ කර තිබෙනවා.
(colombotimes.lk)
