31 January 2026

logo

එක්සත් ජාතීන්ගේ සංවිධානය දැවැන්ත මූල්‍ය අර්බුදයක



එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යයමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව තිබෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් අනතුරු අඟවා තිබෙනවා. 

ඔහු සඳහන් කළේ සාමාජික රටවල් කිහිපයක් විසින් අනිවාර්ය දායක මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. 

මෙම මූල්‍ය අර්බුදය තවදුරටත් ගැඹුරු වෙමින් පවතින අතර එය එක්සත් ජාතීන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බරපතළ බලපෑම් එල්ල කරන බව ඔහු පවසනවා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් තත්ත්වය දිගටම පැවතුණහොත් එළඹෙන ජූලි මාසය වන විට සංවිධානයට මුදල් හිඟවීමේ අවදානමක් පවතින බවයි. 

සාමාජික රටවල් 193කට යොමු කළ ලිපියකින් අදාළ රටවල් තමන්ට අයත් අනිවාර්ය දායක මුදල් වහාම ගෙවීමට හෝ එක්සත් ජාතීන්ගේ මූල්‍ය නීති හා ක්‍රමවේදයන් සංශෝධනය කිරීමට එකඟ විය යුතු බවද මහලේකම්වරයා දැනුම්දී තිබෙනවා. 

ඔහු අනතුරු අඟවා ඇත්තේ එසේ නොවුවහොත් එක්සත් ජාතීන්ගේ සමස්ත ක්‍රියාකාරිත්වය බිඳ වැටීමේ දැඩි අවදානමක් පවතින බවයි. 

(colombotimes.lk)