02 February 2026

logo

ඇමරිකාවේ ගුවන්ගමන් කිහිපයක් අවලංගු වෙයි



ඇමරිකාවේ ගුවන්ගමන් 1200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවට බලපා තිබෙන ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එලෙස ගුවන්ගමන් අවලංගු කර තිබෙන බවයි. 

එමෙන්ම ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ප්‍රවාහන සහ බලශක්ති ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 178,000කට අධික පිරිසකට විදුලි සැපයුම ද බිඳ වැටී ඇති බවයි. 

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ශීත කුණාටු තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව ඇමරිකානු කාලගුණ බලධාරීන් පවසනවා.

(colombotimes.lk)