78වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හැටන් කුඩාගම 319 බටහිර ප්‍රජා පොලිස් ඒකකයේ සහ හැටන් කුඩාගම ප්‍රාර්ථනා පෙරපාසලේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් අද (04) දියත් කර තිබෙනවා.
එම පෙරපාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් කුඩාගම විහාරස්ථානයේදී සර්ව ආගමික වතාවන් පැවැත්වීමෙන් අනතුරුව රුක් රෝපණ වැඩසහන දියත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම රුක් රෝපණ වැඩසටහන හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකරගේ සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.
Colombo Times අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දෙපස ප්‍රදේශයට අවේණික වූ පැළ කිහිපයක් රෝපණය කළ බවයි. 

(colombotimes.lk)
