ස්පාඤ්ඤය වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට සූදානම් කර තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන අපරාධ නැවැත්වීමේ අරමුණින්.
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් විසින් ඊයේ (03) ඩුබායිහීදී පැවති ආණ්ඩු සමුළුවේදී මේ පිළිබඳව නිවේදනය කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ මෙය තවමත් යෝජනාවක් බවත් ඉදිරියේදී මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.
ඕස්ට්‍රේලියාව දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් ගෙන ආ ලොව පළමු රට බවට පත් වී තිබෙනවා.
(colombotimes.lk)
