04 February 2026

logo

හොරණ - කොළඹ බස් වර්ජනය අදත්



හොරණ - කොළඹ 120 මාර්ගයේ ධාවනය කරන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ පෙරේදා (02) ආරම්භ කළ වර්ජනය අදත් (04) ක්‍රියාත්මක කර තිබෙනවා.
 
හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා ධාවනය කරන නව බස් රථයකට බලපත්‍ර ලබාදීමකට විරෝධය පළකරමින් මෙම බස් වර්ජනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අදාළ ගැටලුව පිළිබඳව බස් සංගම් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සමඟ ඊයේ (03) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී සභාපතිවරයා විසින් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ හේතුවෙන් අද (04) දිනයේද අදාළ මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ යොදවා තිබෙනවා.

(colombotimes.lk)