ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් පනවා තිබූ 25%ක තීරු බද්ද 18%ක් දක්වා අඩු කිරීම වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණි බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළ බවයි.
ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නතර කිරීමෙන් පසු මෙලෙස බදු අඩු කිරීමට ඇමරිකානු රජය සිය කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇමරිකාව සමඟ ගිවිසුමකට එළැඹීම ගැන තමා සතුටින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
