11 February 2025


රාජ්‍ය සේවයට පුද්ගලයන් 7,456ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය



රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා සහ කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට නියමිතයි.

මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීමට පසුගිය දෙසැම්බර් 30වනදා අනුමැතිය හිමි වුණා.

එම කමිටුව විසින් පුරප්පාඩු පවතින දෙපාර්තමේන්තු හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කිරීමටද නියමිතයි.   



(colombotimes.lk)