11 February 2025


පොලීසියේ ගිනි අවියක් සොරාගෙන ඩුබායි ගිය කොස්තාපල්ට වැඩ වරදියි



ගල්කිස්ස පොලීසිය තුළ රාජකාරියේ සිටියදී T56 ගිනි අවියක් සහ ජීව උන්ඩ 30ක් සොරාගෙන ඩුබායි රටට පළා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් කොස්තාපල් 100430 ජේ. ඒ. කේ. පි ජයකොඩි නැමති ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ බවයි.
 
මෙම පොලිස් නිළධාරීයා ඩුබායි වෙත පළායාමට පෙර ඔහු සතුව තිබූ ගිනි අවිය පාතාල කල්ලි සාමාජිකයෙක්ට ලබාදී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)