11 February 2025


එක්සත් අරාබි රාජ්‍යයේ සිට සතුන් 10ක් දිවයිනට එයි



සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සතුන් දසදෙනෙක් ඊයේ (10) මෙරටට ගෙන්වා තිබෙනවා.

ඒ දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් බවයි වාර්තා වන්නේ.

හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද මසක කාලයකට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායන කාල සීමාවෙන් පසුව අදාළ සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)