01 February 2026

logo

පොහොට්ටුවේ පිරිසක් සජිත්ට එක් වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන සන්ධානය හා එක් වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

ගොඩහේවා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් ගොඩනැගී ඇති නව සන්ධානයේ වේදිකාවට ගොඩ වූ මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් අයෙක් ද සමගි ජන සන්ධානය හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
(colombotimes.lk)