14 March 2025


ශ්‍රී පාද වන්දනාවට මත්පැන් රැගෙන ගිය පිරිසකට වැඩ වරදියි



ශ්‍රී පාද වන්දනාවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් 14දෙනෙක්ව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් දුම්රිය ස්ථානය ඇතුළු ශ්‍රීපාදස්ථානයට පිවිසෙන මාර්ගවල මෙහෙයුම් දියත් කර ඇති බවයි.

එම මෙහෙයුම් අතරතුරදී මෙම පිරිසව අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු කියා සිටියේ සැකපිට අත්අඩංගුවට ගත් 14දෙනා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම සැකකරුවන් අවුරුදු 25-35 වයස් කාණ්ඩවල පසුවන බවයි.

එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)