ඇමරිකානු නියෝජිතයන් සාම සාකච්ඡා දෙවන වටය සඳහා පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
BBC පුවත් සේවය සඳහන් කළේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් හෙට (26) දවසේදී ඉස්ලාමාබාද් නුවරට ළඟා වීමට නියමිත බවයි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ වන විටත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
රොයිටර් පුවත් සේවය සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඉරානය විසින් නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
(colombotimes.lk)
