12 February 2026

logo

පැතුම්ගෙන් අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයන් වාර්තා කිරීමට පැතුම් නිස්සංඛ සමත් වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ 7වන ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කළා.

(colombotimes.lk)