කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.
එය අද (18) දහවල් 2.30ට නිකුත් කර ඇති අතර, හෙට (19) දක්වා වලංගු වන බව සඳහන්.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය' යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්.
(colombotimes.lk)