17 October 2025

logo

මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල්වලට ලබන 21 නිවාඩු



දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල් සඳහා ලබන 21වෙනිදා විශේෂ නිවාඩු දිනයක් ලබාදීමට මධ්‍යම පළාතේ ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් තීරණය කර තිබෙනවා.

ඒ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පරිපාලනය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. ගනේස්රාජ් විසින් වැවිලි සමාජ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් වෙතින් කරන ලද ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම ඒමේ නිවාඩුව වෙනුවෙන් ලබන 25වෙනි සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බවද මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)