12 July 2025

logo

ඇමරිකානු කොටස් වෙළඳපොළේ දැවැන්ත වෙනසක්



ඇමෙරිකානු කොටස් වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.7කට වඩා පහත වැටී තිබෙනවා

එයට හේතු වී ඇත්තේ මේ වසරේ එරට ආර්ථිකය අවපාතයකට පිවිසීමේ හැකියාව ප්‍රතික්ෂේප කිරීම, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමයි.

ඊයේ (10) S&P 500 මිණුම් ලකුණ 2.7%කින් පහත වැටුණු අතර පෙබරවාරි 19වනදා එහි සර්වකාලීන ඉහළම මට්ටමට වඩා දර්ශකය 9%කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම එලොන් මස්ක් විසින් පවත්වාගෙන යන විදුලි මෝටර් රථ සමාගම වන ටෙස්ලා, තනි සමාගම් අතරින් ඉහළම පාඩු ලබා ඇති අතර එය 15.43%කින් පහත වැටුණු බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)