මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුධමය වාතාවරණය හේතුවෙන් අතරමංව සිටි චීන ජාතිකයන් 10,000කට අධික පිරිසක් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට චීනය කටයුතු කර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ගුවන් සීමා වැසී යාම සහ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් සහ සෞදි අරාබිය වැනි රටවල සිටි චීන වැසියන් මෙලෙස ගෙන්වාගෙන තිබෙනවා.
(colombotimes.lk)
