14 October 2025

logo

සංචාරකයන් විශාල ප්‍රමාණයක් සැප්තැම්බරයේ දිවයිනට



මෙම මාසයේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයන් 126,379දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

ඒ අනුව ඉන්දියාවෙන් 37,179දෙනෙක් පැමිණ තිබෙනවා. 

මීට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවලින් ද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,692,902ක් බවයි.

(colombotimes.lk)