සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවි පැටවෙක් දඩයම්කරුවන් විසින් අටවා තිබූ මන්දකට හසු වී තිබෙනවා.
නෝර්වුඩ් පොලිස් වසමට අයත් ෆෝට්ටු වතුයායේ ගෙවත්තක අටවා තිබූ මන්දකට එම හදුන් දිවි පැටවා හසුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මන්දට හසු වී ඇති හදුන් දිවි පැටවා මුදා ගැනීමට කටයුතු කරන ලෙස නල්ලතන්නි වනජීවී කාර්යාලයේ නිළධාරින්ට දැනුම්දී ඇති බව නෝර්වුඩ් පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)