ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ ප්‍රකාශ කළා.
ඒ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔවුන් ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් මෙම වර්ජනය පසුගිය 17වනදා ආරම්භ කළා.
මේ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)