හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අගෝස්තු 12වනදා නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම පෙත්සම අද (19) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර තිබුණා.
(colombotimes.lk)