ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නුවරඑළිය පැරණිතම තැපැල් කාර්යාලයද අද (19) වසා දමා තිබෙනවා.
මේ හේතුවෙන් එම තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
තමන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කළේ පැරණි තැපැල් කාර්යාලය නැරඹීමට බවත් එය වසා දැමීම හේතුවෙන් තැපැල් කාර්යාලය ඇතුළත තමන්ට නැරඹීමට අවස්ථාව නොලැබුණ බවත් එහිදී විදේශිකයන් කියා සිටියා.
(colombotimes.lk)