හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය අද (19) එම තැපැල් කාර්යාලයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති චම්පා ඒකනායක විසින් විවෘත කර තිබෙනවා.
ඒ ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති කිහිපයක් පසුගියදා ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේද ක්‍රියාත්මක වන පසුබිමකයි.
තමන් තැපැල් කාර්යාලය විවෘත කළද ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවය කරන නිළධාරීන් සහ සේවකයන් ඊයේ දින සිට සේවයට වාර්තා නොකර වෘත්තීය සමිති ක්‍රියාමාර්‌ගයක නියැලෙන බව තැපැල් ස්ථානාධිපතිවරිය කියා සිටියා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ තම තැපැල් කාර්යාලයට අනුයුක්ත කර ඇති ආදේශ තැපැල්කරුවන් කිහිපදෙනෙක් පමණක් සේවයට වාර්තා කර ඇති බවයි.