18 October 2025

logo

මිනිසෙකුට දරාගත නොහැකි රෝගයක් කුඩා දැරියකට වැළඳෙයි



Complex regional pain syndrome හෙවත් CPRS නම් වූ මිනිසෙකුට දරාගත නොහැකි දුර්ලභ රෝගයක් ඕස්ට්‍රේලියාවේ කුඩා දැරියකට වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඇගේ නම Bela වන අතර ඇයට වයස අවුරුදු 10ක් වන බවයි වාර්තා වන්නේ. 
 
බොහෝ විට සුළු තුවාල හෝ ශල්‍යකර්ම හේතුවෙන් ඇති වන මෙම දුර්ලභ තත්ත්වය Bela ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල කර ඇති බව සඳහන්. 
 
ඇයගේ පාදයේ හටගත් බිබිලි කිහිපයකට විෂබීජ එකතු විමෙන් මෙම CRPS තත්ත්වයට ගොඳුරු වී තිබෙනවා. 
 
රෝගයට ඕස්ට්‍රේලියාවේදී පිළිතුරු සොයාගත නොහැකි වීම හේතුවෙන් එක්සත් ජනපද වෛද්‍යවරුන් වෙත දැරියව මේ වනවිට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)