19 June 2026

logo

දශකයකට පසුව ප්‍රධාන දේශ සීමා පිවිසුමක් විවෘත වෙයි



දශකයකට වැඩි කාලයකට පසුව ඉරාකය සහ සිරියාව අතර පවතින ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන යුද්ධයේ කේන්ද්‍රස්ථානය වී ඇති එමෙන්ම මේ වන විට දැනට දැඩි ගැටලුකාරී තත්ත්වයක පවතින හෝමූස් සමුද්‍ර සන්ධියට විකල්පයක් ලෙස මෙම මාර්ගය භාවිත කළ හැකි බවයි.

වෙළඳ හුවමාරුවට සහ තෙල් ප්‍රවාහනය සඳහා මෙම දැවැන්ත දොරටුව විවෘත වන බව සඳුදා පැවති සමාරම්භක උත්සවයේදී ඉරාකයේ Nineveh පළාත් සභා මන්ත්‍රී නාදියා අල් - ජුබෝරි ප්‍රකාශ කළා.  

(colombotimes.lk)