30 May 2026

logo

අඹු සැමි යුවළකගේ දේපළ ක්‍රියාවිරහිත කරයි



ක්ෂණික මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ අඹුසැමි යුවළකගේ දේපළ ක්‍රියාවිරහිත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ ලෙස සිදු කළ විර්මශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බවයි. 

සිරිසර උයන, බේස්ලයින් මාවත, බොරැල්ල ලිපිනයේ පදිංචි මෙම අඹුසැමි යුවළක් විසින් 2017 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවට හෙළි වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ මීට අමතරව සැකකරුවන් එයින් ලද මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැම්පත් කර ඇති බවට අනාවරණය වී තිබෙන බවයි. 



(colombotimes.lk)