26 February 2025


ජනපතිගෙන් මහා ශිව රාත්‍රී දිනයට පණිවිඩයක්



ශිව දෙවියන් ලෝකයෙහි හා ජීවිතයෙහි 'මෝහාන්ධකාරය ජය ගැනීම' මහා ශිව රාත්‍රී දිනය මඟින් සංකේතවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අන්තර් - ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරවය ආදරය පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතක් බවයි.

ඒ සවිමත් පාදම මත හිඳ යහපත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා එකම ජාතියක් ලෙස අප සැම එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.

සියලුදෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් වෙත ගමන් කරමින් සිටින බවඳ ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)