26 February 2025


තවත් ආනයනික වාහන තොගයක් මේ සතියේ දිවයිනට



රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිතා කළ මෝටර් රථවල දෙවන කාණ්ඩය අනිද්දා (28) හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

වරාය ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී වාහන 196ක් මෙරටට පැමිණීමට නියමිත බවයි.

ඉදිරියේදී ජපානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් මෙලෙස වාහන ආනයනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කියා සිටියා.     

(colombotimes.lk)