04 February 2025


ගුවන්යානාවලට තෙල් නිකුත් කිරීමට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමයක්



ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්ත්ව පාලන ක්‍රමවේද භාවිතා කරමින් ගුවන්යානා සඳහා තෙල් නිකුත් කිරීමටත් තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13ක් පමණ දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ඇති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.

ඒ බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අති විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒමට සහතික වන බවයි.

එමෙන්ම ඉන්ධන නල පද්ධතියද වැඩිදියුණු කර බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ඉදිරි වසර 20කදී අවශ්‍ය වන නවීකරණ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් සිදුකීරිමට මූලික අඩිතාලම දමා අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මුතුරාජවෙල සිට ඉදිකරන විශේෂ නල පද්ධතියක් හරහා මෙම පර්යන්තය වෙත ඉන්ධන රැගෙන ඒමේ සැලසුමක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colobotimes.lk)