ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබාදුන් සහල්, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍යය මෙට්‍රික් ටොන් 1,623ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ තිබෙන බව ආහාර කොමසාරිස් උපුල් ශාන්තද සිල්වා ප්‍රකාශ කළා.
ඒ ඊයේ (03) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
එහිදී ඔහු කියා සිටියේ මෙම ආහාර ද්‍රව්‍යය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)