04 February 2025


ජාතික නිදහස් දිනය හැටන් පොලීසිය අභිමානවත් ලෙස සමරයි



77 වන ජාතික නිදහස් දින උත්සවය හැටන් පොලීසිය විසින් අභිමානවත් ලෙස සමරා තිබෙනවා.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන් අනතුරුව හැටන් පොලිස් පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක්ද සිදු කර තිබෙනවා.

මෙම නිදහස් දින උත්සවය හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන විසින් සිදු කර තිබෙනවා.




(colombotimes.lk)