04 February 2025


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) අස්වැද්දුම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන බටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)