රට තුළ පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවති දිව්‍ය පූජාවකට එක්වෙමින්.
යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව කාදිනල් හිමිපාණන් එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)