කුරුණෑගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ සත් නමක් අපවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ උන්වහන්සේලාගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකා දේශයටත් සිදු වූ ශෝකජනක පුවතක් බවයි.
මෙම ඛේදනීය සිදුවීම පිළිබඳ කතෝලික රදගුරු සම්මේලනයේ සංවේගය පූජ්‍ය සංඝරතනයට සහ ශ්‍රී ලංකාවේ සමස්ත බොදු ජනතාවට පළ කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වනවා.
අපවත් වී වදාළ දෙස් විදෙස් හිමිවරුන්ට නිවන් සැනසීම ලැබේවා මෙන්ම බරපතළ තුවාල ලබා සිටින හිමිවරුන්ට ඉක්මන් සුවය ලැබේවා යනුවෙන් ද අදාළ නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)