සෑම වසරකම සිදුවන මරණවලට ලොකුම හේතු විදිහට තියෙන්නේ හෘද රෝග, ආඝාතය සහ ශ්වසන ආසාදන වගේ රෝගී තත්ත්වයන්. ඒ සියලුම රෝග මාරාන්තික රෝග. මේ විදිහට මාරාන්තික රෝග කියන කාණ්ඩයට අයත් වෙන ප්‍රධාන රෝග 5ක් තියෙනවා. 2021දී ලොව පුරා මිලියන 68ක් මේ රෝග නිසා මිය ගිහින් තියෙනවා කියලා වෛද්‍යවරු සඳහන් කරනවා. ඒ රෝග අතරින් මුලින්ම තියෙන රෝග 5 ගැන තමයි අද Colombo Times අපි කියන්න යන්නේ.
1. Coronary Artery Disease
ලෝකයේ මාරාන්තිකම රෝගය තමයි Coronary Artery Disease. එහෙමත් නැත්නම් කිරීටක ධමනි රෝගය කියන්නේ. හදවතට රුධිරය සපයන රුධිර වාහිනී හීනි වුණාම තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ප්‍රතිකාර කළේ නැත්නම්, මෙම තත්ත්වය පපුවේ වේදනාව, හෘදයාබාධ හෝ අක්‍රමවත් හෘද ස්පන්දන ඇති කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි කිරීටක ධමනි රෝගය කියන්නේ ලොව පුරා සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව.
මේ තත්ත්වය ඇති වෙන්නේ මොන වගේ අයටද?
- දුම්පානය කරන අයට
- අධි රුධිර පීඩනය ඇති අයට
- දියවැඩියාව ඇති අයට
- අධික කොලෙස්ට්‍රෝල් සහිත පුද්ගලයන්ට
- ව්‍යායාම නොකරන අයට
- සෞඛ්‍යයට අහිතකර ආහාර ගන්නා අයට
- ආතතිය ඇති අයට
මෙම රෝගය වළක්වාගන්න කරන්න පුළුවන් දේවල්
- සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න
- ක්‍රියාශීලීව සිටින්න
- දුම්පානයෙන් වළකින්න
- ආතතිය කළමනාකරණය කරගන්න
- මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණ සිදු කරන්න
2. COVID-19
COVID-19 කියන්නේ අපි හැමෝම දන්න, ජනප්‍රිය රෝගයක්. සමහරවිට COVID-19 ඔයාට වැළඳිලත් ඇති. 2021 වසරේදී, COVID-19 ලෝකය පුරාම පැතිරුණා. ඒ නිසා ලෝකයේ දෙවන මාරාන්තික රෝගය විදිහට නම් කරලා තියෙන්නේ COVID-19
මොකද 2021 වසරේදී මිලියන 8.8ක් පමණ මරණවලට හේතුව වුණේ COVID-19.
COVID-19 අවදානම තියෙන අය
- මහලු අය
- දියවැඩියා රෝගීන්
- ඇඳුම රෝගීන්
- මස්තිෂ්ක වාහිනී සහ හෘද වාහිනී රෝග ඇති අය
- පිළිකා, නිදන්ගත පෙනහළු, අක්මාව හෝ වකුගඩු රෝග ඇති අය
- දියවැඩියා රෝගීන්
- ඩිමෙන්ශියා වැනි ස්නායු රෝග ඇති අය
- භින්නෝන්මාදය වැනි මානසික සෞඛ්‍ය තත්වයන් ඇති අය
- ගැබිණි මව්වරුන්
- දුම්පානය කරන අය
- ප්‍රතිශක්තිකරණය අඩු අය
- ක්ෂය රෝගය ඇති අය
COVID-19 එන්නත ලබා ගැනීමෙන් COVID-19 නිසා ඇතිවන දරුණු රෝග සහ මරණ අවදානම අඩු කරගන්න පුළුවන්.
3. ආඝාතය
මොළයේ රුධිර නාලයක් අවහිර වූ විට හෝ පුපුරා ගිය විට ආඝාත තත්ත්වය ඇති වෙනවා. මේ නිසා මොළයට ඔක්සිජන් ලැබීම නතර වෙනවා වගේම මොළයේ සෛල ඉක්මනින් මිය යනවා.
ආඝාතයක් අතරතුර, හදිසියේම හිරිවැටීමක්, ව්‍යාකූලත්වයක් හෝ ඇවිදීමට, කතා කිරීමට හෝ පෙනීමේ අපහසුවක් දැනෙන්නට පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත්, ආඝාතය දිගු කාලීන ආබාධිත තත්ත්වයක් බවට පත් වෙනවා.
ආඝාත කියන්නේ දිගු කාලීන ආබාධිත තත්ත්වයකට ප්‍රධාන හේතුවක් වුණත් පැය 3ක් ඇතුළත ප්‍රතිකාර ලබා ගැනීමෙන් අවදානම අඩු කරගන්න පුළුවන් කියලා පර්යේෂකයන් සහ වෛද්‍යවරුන් සඳහන් කරනවා.
ආඝාතය ඇති වන අය
- අධි රුධිර පීඩනය ඇති අයට
- ආඝාතයේ පවුල් ඉතිහාසයක් සහිත අයට
- දුම්පානය සහ මත්පැන් පානය කරන අයට
වළක්වාගන්න කළ හැකි දේවල්
- ජීවන රටාව වෙනස් කරගන්න
- දිනපතා ව්‍යායාම කරන්න
- සෝඩියම් අඩු සමබර ආහාර වේලක් ගන්න
- දුම් පානය කිරීම නතර කරන්න
- මත්පැන් පානය නතර කරන්න
4. Chronic Obstructive Pulmonary Disease
Chronic obstructive pulmonary disease (COPD) කියන්නේ හුස්ම ගැනීම අපහසු කරන දිගු කාලීන පෙනහළු රෝගයක්. බ්‍රොන්කයිටිස් සහ එම්පිසීමා කියන්නෙත් COPD වර්ගයට අයත් රෝගයන්.
2022 වසරේදී, එක්සත් ජනපදයේ මිලියන 11.7ක පමණ ජනතාවකට COPD වැළදීලා තියෙනවා.
COPD අවදානම සහිත පුද්ගලයින්
- සක්‍රීය දුම් පානය
- අක්‍රීය දුම්පානය
- පවුල් ඉතිහාසය
- ළමා කාලයේ ශ්වසන ආසාදන ඇති වූ අය
COPD සඳහා ප්‍රතිකාරයක් නැහැ. හැබැයි ඖෂධ ලබා ගැනීමෙන් රෝගය වර්ධනය වෙන එක පාලනය කරගන්න පුළුවන්.
මෙම රෝගී තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට දුම්පානය නැවැත්වීම, දුම් පානය කරන අය අසල ගැවසීමෙන් වැළකීම වැනි දේ සිදු කළ යුතුයි.
ඔබට COPD රෝග ලක්ෂණ තිබෙනවා නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.
5. Lower Respiratory Infections
Lower Respiratory Infections කියන්නේ පෙනහළු හෝ ශ්වසන මාර්ගවල ඇති වන ආසාදනයක්. උණ, ඉන්ෆ්ලුවෙන්සා, නියුමෝනියාව බ්‍රොන්කයිටිස් සහ ක්ෂය රෝගය (TB) වගේ වෛරස්, බැක්ටීරියා ආසාදන මඟින් ඇති වන රෝගී තත්ත්වයක් තමයි මේ Lower Respiratory Infections කියන්නේ.
ප්‍රධාන රෝග ලක්ෂණ
- කැස්ස
- උණ
- දහඩිය දැමීම
- සෙම්ප්‍රතිශ්‍යාව
- හුස්ම ගැනීමේ අපහසුතාව
- හුස්ම හිරවීම
- පපුවේ තද ගතිය
අවදානම් සහිත පුද්ගලයින්
- නිතර උණ වැළඳෙන අය
- දුම් සහ දුහුවිලිවලට නිතර නිරවරණය වෙන
- දුම්පානය කරන අය
- දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය
- ඇදුම සහිත පුද්ගලයින්
- HIV සහිත පුද්ගලයින්
රෝගය වළක්වා ගන්න,
- සබන් භාවිතයෙන් දෑත් දිනපතා සෝදන්න.
- කෑමට පෙර සහ මුහුණ ස්පර්ශ කිරීමට කිරීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරගන්න.
ඒ වගේම ඔබට ශ්වසන ආසාදන තත්ත්වයක් තියෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම මහන්සි නොවී රෝගය සුව වන තෙක් විවේකයෙන් කාලය ගත කරන්න.
(colombotimes.lk)