27 September 2025

logo

රට සිහින පෙන්වා වංචා කළ පුද්ගලයෙක්ට වැඩ වරදියි



විදේශගත කරන බව පවසා මුදල් වංචා කිරීමේ අරමුණින් ව්‍යාජ වීසා ස්ටිකර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කැනඩාව වෙත විදෙස්ගත කරන බව පවසා මෙලෙස මුදල් වංචා කිරීම සිදු කර ඇති බවයි.

බම්බලපිටිය පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනඩාවට යවන බවට පවසා එක් සැකකාරියක් රු.3,831,000ක මුදලක් සහ රු.3,436,000ක මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)