27 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ජනපතිගෙන් ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේදී යාමට හැකිවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.  

ඒ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිව්යෝර්ක්හීදී හමු වූ අවස්ථාවේදීයි.
   
2022 වසරේදී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත් වූ ශ්‍රී ලංකාව, අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. 



02. දිස්ත්‍රික්ක 09කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය දැනුම්දී ඇත්තේ අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
 
ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන 
නිකුත් කර තිබෙනවා.



03. සම්පත් මනම්පේරීගේ සහෝදරයා රිමාන්ඩ්


මිද්දෙණිය ප්‍රදේශයේ තිබියදී සොයාගත් අයිස් රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියල් මනම්පේරි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔක්තෝබර් 8වනදා දක්වායි.

අදාළ රසායනික ද්‍රව්‍ය තොගය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පියල් මනම්පේරී සහ සම්පත් මනම්පේරී යන අයව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.



04. සම්පත් මනම්පේරිව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

 

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (26) අවසර ලබාදී තිබෙනවා. 

ඒ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 02ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 



05. වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙක් රිමාන්ඩ්


කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක්ට නවකවධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ එම සැකකාර සිසුන් 04දෙනා අද (26) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

අදාළ සිසුන් සිව්දෙනා එළඹෙන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. 


06. වාහන 03ක් එකිනෙක ගැටී තවත් බිහිසුණු අනතුරක්



වෑන් රථයක්, ටිපර් රථක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. 

ඒ බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදීයි. 

එම අනතුරින් පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



07. අර්ජුන මහේන්ද්‍රන්ගේ නඩුව කැඳවීමට දිනදෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට පනවා තිබෙන නඩුවක් ජනවාරි 16වනදා යළි කැඳවීමට අද (26) නියෝග කළා.

ඒ අනුව 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව එදින කැඳවීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.



(colombotimes.lk)