පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර විසින්.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව මෙම කාරක සභාවට අදාළව දැනට පවතින ස්ථාවර නියෝග 120(4) සංශෝධනය සඳහා මෙලෙස යෝජනා ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම යෝජනා සංශෝධනය මඟින් එම කාරක සභාව වෙත විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන වාර්තා පරීක්ෂා කිරීමේදී බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන් සිදුව ඇති බවට කාරක සභාව නිගමනය කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා ඍජුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට කාරක සභාව විසින් යොමු කර හැකි බවට යෝජනා කර තිබෙනවා.