බටහිර රාජ්‍යයන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ එම තීරණ මඟින් ඊශ්‍රායලය කිසිඳු ආකාරයකින් නැවැත්විය නොහැකි බවයි.
පලස්තීන රාජ්‍යයක් බිහි නොවන බවත් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය X සටහනක් නිකුත් කරමින් සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශය සහ බෙල්ජියම පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට නිල වශයෙන් නිවේදනය කළ බවයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ පෘතුගාලය යන රටවල්ද පසුගියදා පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)