27 September 2025

logo

ප්‍රංශයේ හිටපු ජනපතිට වසර 05ක සිර දඬුවම්



ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර 05ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපතිට මෙලෙස වසර 05ක සිර දඬුවමක් නියම කළ බවයි. 

අක්‍රීය දූෂණය සහ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් පැරිස් අපරාධ අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 

(colombotimes.lk)