23 September 2025

logo

ඔයාගේ Partner මොන වගේ කෙනෙක්ද? Red Flags ද? Green Flags ද? | Colombo Times BLOG



ආදරේ කරද්දී මුල් කාලේ හරි ලස්සනයි නේද? කොච්චර සතුටින් ආදරයෙන් ඉන්නවද කියලා කියනවා නම් සමහර දේවල් සිද්ධ වෙන විදිහටවත් තේරුම් ගන්න බැහැ. මොකද ඉන්නේ ආදරෙන් අන්ධ වෙලානේ. හැබැයි ටික දවසක් යනකොට තමයි එයාගේ වගේම ඔයාගෙත් ගතිගුණ එළියට එන්නේ. එතකොට පෙරහැර ගිහින් කියලා හිතන්න එපා. අපි එකිනෙකාව අඳුරගන්න කාලය තමයි ඒ. සමහරවිට ඔබට පුළුවන් වෙයි එයාගේ විදිහට හැඩ ගැහෙන්න, එහෙම නැත්නම් කතා කරලා දෙන්නටම අයින් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපිට පුළුවන් නම් එයාගේ Red Flags සහ Green Flags මොනවද කියලා හරියටම අඳුරගන්න Relationship එක හරිම ලස්සනට ගලාගෙන යයි. ඉතින් අද Colombo Times අපි කියනවා එයාගේ Red Flags සහ Green Flags හරියටම අඳුරගන්න විදිහ ගැන.

 

Red Flags කියන්නේ මොකක්ද?

Red Flags කියන්නේ Relationship එකක ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න, ගැටළු ගැන අනතුරු අඟවන සංඥාවලට. ඒ සංඥා නොසළකා හරින එකෙන් හිතට දුක, වේදනාව අධිකව දැනෙනවා. ඒ වගේම ඔයා හිත්නවටත් වඩා ඉක්මනට Breakup වෙන්න ඉඩ තියෙනවා සහ Relationship එක Toxic වෙන්න පුළුවන්. හැබැයි කලින් Red Flags අඳුරගත්තොත් ඔයාට අනවශ්‍ය ආතතියක් ගන්න ඕනෙත් නැහැ. ඒ වගේම Breakup වෙන්න ඕන වෙන්නෙත් නැහැ. 


හැසිරීම පාලනය



ඒ කියන්නේ ඔයාගේ Partner ඔයා කරන්න ඕනේ දේවල් පාලනය කරනවා, ඔයා අඳින, පළඳින විදිහ පාලනය කරන්න හදනවා. ඒ වගේම ඔයා ආශ්‍රය කරන්න ඕනේ කවුද,  කතා කරන්න ඕනේ කාත් එක්කද, මේ හැමදේම පාලනය කරන්න හදනවා. ඒක Red Flag එකක්. Relationship එකක් හොඳ Relationship එකක් වෙන්නේ පාලනය කරන එක නෙමෙයි, එකිනෙකාට ගෞරව කරන එකෙන් 


සන්නිවේදනය නොමැතිකම



ඕනෙම Relationship එකක් ඉස්සරහට අරගෙන යන්න නම් සන්නිවේදනය හරි වැදගත්. හැබැයි කතා කරන එක මඟ හරින, හිතට දැනෙන දේවල් හංගන, ප්‍රශ්නයක් වුණාම ඒක විසඳගන්නේ නැති කෙනෙක් එක්ක Relationship එකක් අරගෙන යන්න අමාරුයි. මොකද ඒක Red Flag එකක්. මොකද ඒ වගේ කෙනෙක් එක්ක Relationship එකක් හොඳ විදිහට අරගෙන යන්න අමාරුයි. 


අවංක නැති බව 



අවංක නැති කෙනෙක් එක්ක Relationship එකක් කරගෙන යනවා කියන්නෙම මාරාන්තික ප්‍රශ්නයක්. මොකද ඒ වගේ කෙනෙක් හැම වෙලාවේම බොරු කියනවා, දේවල් හංගනවා. ඒ වගේම පොඩි දේවල් ගැන වුණත් හංගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා ඒකත් Red Flag එකක්. 

මේ වගේ කෙනෙක් එක්ක Relationship එකක් කරගෙන යන එකෙන් ඔයාගේ ජීවිතේම අවුල් වියවුල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ Red Flag තියෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් කරගෙන යන්නේ හරි පරිස්සමෙන්.
 

අගෞරව කිරීම  



ඔයාගේ Partner ඔයාගේ හැඟීම්, ඔයා කරන කියන දේවල් විහිලුවට ගන්නවා නම්, ඒ දේවල් වලට ගෞරව කරන්නේ නැත්නම් ඒක ලොකු Red Flag එකක්.

අපි හැමෝම ආදරය කරන කෙනාට ගෞරව කරන්න ඕනේ. අනිත් කෙනාට ගෞරව නොකර ගෞරවයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද ගෞරවය තියෙන තැන ආදරය හරි ශක්තිමත්ව දිඟු කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්.


ඊර්ෂ්‍යාව



අනිත් කෙනාගේ දියුණුව, සාර්ථකත්වය, සතුට දැකලා ඊර්ෂ්‍යා කරනවා නම් ඒකත් Red Flag එකක්. මොකද සමහර අය ඉන්නවා තමන්ගේ Partner මොන දේ කළත් වැරදි විදිහට දකින, සැක කරන. ඒකෙන් වෙන්නේ අනිත් කෙනාගේ මානසික නිදහස නැති වෙන එක. 

තව අය ඉන්නවා කොච්චර සැකද කියලා කියනවා නම් Partnerගේ Phone එක check කරනවා, Social media check කරනවා, Messages බලනවා. මේ වගේ දේවල් දිගින් දිගටම කරන එකෙන් අනිත් කෙනාගේ මානසික නිදහස නැත්තටම නැති වෙලා යනවා.


Green Flags කියන්නේ මොකක්ද?

Green Flags කියන්නේ හොඳ, ආරක්ෂාකාරී Relationship එකක සංඥා. මේ වගේ Relationship එකක ඉන්න අය එකිනෙකාට ගෞරව කරනවා, සැළකිලිමත් වෙනවා, හැඟීම් තේරුම් ගන්නවා වගේම සහයෝගයෙන් සතුටින් ජීවත් වෙනවා. මේ වගේ Relationship එකක් තමයි හැමෝම ප්‍රර්ථනා කරන්නේ.
 
විවෘත සහ අවංක සන්නිවේදනය



හොඳ Partner කෙනෙක් හැමවෙලාවෙම තමන්ට හිතෙන දේවල්, හැඟීම් අනිත් එක්නත් එක්ක විවෘතව කතා කරනවා. එයාලට හංගන්න දෙයක් නැහැ. ඒ වගේම කියන දේවල් කිසිම විනිශ්චයක් නැතුව සවන් දෙන්න ඔවුන්ට පුළුවන්. 

ඒ වගේම කතා කරන්න ඕනේ වැදගත් දේවල් වුණත් බය නැතුව කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ අය Relationship එක ඇතුලේ විශ්වාසය රකින්න හොඳින්ම දන්නවා.


ගෞරව කරනවා 



Green Flags Partner කෙනෙක් නම් ඔයාට ඉන්නේ එයා ඔයාගේ අදහස්වලට, ඔයා කැමති අකැමති දේවල්වලට, ඔයාගේ සීමාවන්වලට ගරු කරනවා. ඔයාගේ වෙනස්කම් පහත කරන්නේ නැතුව ඒවාටත් ගරු කරන්න එයාට පුළුවන්. මොකද එයා හැමවෙලාවෙම උත්සාහ කරන්නේ එයාට ඔයාව ගොඩක් වටිනවා කියලා දැනෙන්න සලස්වන එක. 

සහයෝගය



හැමෝගෙම ජීවිතවලට ඕනේ දිනන්න සහයෝගයක් දෙන Partner කෙනෙක්. ඔයාගේ ජයග්‍රහණවලදී ඒවා Celebrate කරනවා වගේම ඔයාට අමාරු කාලවලදී ඔයාට වැටෙන්න නොදී ශක්තියක් වෙන, දුක් වේදනාවන්වලදී සහනයක් වෙන, ඔයාව ශක්තිමත් කරන කෙනෙක් කෙනෙක් නම් ඔයාට ඉන්නේ ඔයා ගොඩක් වාසනාවන්තයි.


හොඳින් ප්‍රශ්න විසඳීම 



Relationship එකකදී රණ්ඩු වෙන එක සාමාන්‍යයි. හැබැයි වැදගත් වෙන්නේ ඒ ප්‍රශ්නවලදී ඒවා විසඳන විදිහ. මොකද Red Flag තියෙන Partner කෙනෙක්ට වගේ නෙමෙයි, Green Flag Partner කෙනෙක් ප්‍රශ්න විසඳන විදිහ. එයාල එක්ක ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්නයක් වුණාම ඒවාවලට කෑගහන්නේ නැතුව කතා කරලා ප්‍රශ්න විසඳන්න එයාලා දන්නවා. 


ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ Partner  Red Flag කෙනෙක්ද? නැත්නම් Green Flag කෙනෙක්ද කියලා හරියටම අඳුරගන්න. ඒ වගේම ඔයාට ඉන්නේ Green Flag Partner කෙනෙක් නම් එයා එක්ක හැමදාම ආදරෙන් ඉන්න.


(colombotimes.lk)