29 January 2026

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් කෝප වෙයි



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී තමාට සිදු වූ අපහසුතා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.
 
ඔහු සිය Truth ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරස් වෙත ලිපියක් යොමු කරන බවයි.

එක්සත් ජාතීන්ගේ සැසියට සහභාගී වූ ඇමරිකානු ජනාධිපතිවරයා ගමන් කළ කෘතිම පඩිපෙළ ක්‍රියා විරහිත වීම, සැසිය ඇමතීමේදී ටෙලිප්‍රොම්ටර්ය අක්‍රීය වීම සහ හේඩ්ෆෝනය අක්‍රීය වීම යන ගැටලුවලට ඔහු මුහුණ දී තිබෙනවා. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එය සම්පූර්ණයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. 

(colombotimes.lk)