27 September 2025

logo

පාර්ලිමේන්තුව රැස් වන දින නිවේදනය කරයි



පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7වනදා සිට 10වනදා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.

ඔක්තෝබර් 7වනදා අඟහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

එදින පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කළා.


(colombotimes.lk)