උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික දිගදුර මිසයිලයක් මුදාහැර තිබෙනවා.
එම මිසයිලය ජපාන මුහුදු සීමාවට පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය හෙළා දකිමින් දකුණු කොරියානු සහ ඇමෙරිකානු නිලධාරීන් ප්‍රකාශ නිකුත් කර ඇති බව සඳහන්.
දකුණු කොරියානු මුහුදු සීමාවට ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීනයක් එවීමේ සැලැස්මට සහ ඒ අසල ගුවන් මෙහෙයුම් ඉහළ නැංවීමට දකුණු කොරියාව සහ ඇමරිකාව ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් මෙම මිසයිලය මුදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)