16 July 2025

logo

කෝප් සභාපතිට එරෙහිව විශ්වාසභංගයක්



පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාර දීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. 

මෙම විශ්වාසභංග යෝජනාව සඳුදා භාරදීමට නියමිතයි. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර ඇතැයි පැවසෙන සම්බන්ධය හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බවයි විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙන්නේ. 
 
රංජිත් බණ්ඩාර මහතාගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවද විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරනවා.
(colombotimes.lk)