07 June 2026

logo

රටපුරා ඩෙංගු අවදානම උග්‍ර වෙයි



රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. 

ඔවුන් සඳහන් කළේ වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් තිබෙන බවයි.  

එමෙන්ම ඩෙංගු මරණ 19ක් වාර්තා වී තිබෙනවා. 

මෙම අවදානම හේතුවෙන් එළඹෙන ජුනි 08,09,10 යන තෙදින මදුරු මර්දන විශේෂ වැඩසටහනක් රටපුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
සෞඛ්‍ය අංශ සඳහන් කළේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි. එම අගය දැක්වෙන්නේ 50%ක් ලෙසයි.

සෑම දිස්ත්‍රික්කයකින්ම මේ වන විට රෝගීන් වාර්තාවන අතර කොළඹ, ගම්පහ රත්නපුර මාතර ගාල්ල කළුතර මහනුවර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)